ඔබේ නියපොතු වල මෙවැනි සුදු ලප තිඛෙනවාද?
නියපොතු වල සුදුලප ඇතිවීම සුලභව දැක ගත හැකි තත්වයකි. ඇතැම්විට ඔබේ නියපොතු වලද මෙවැනි ලප සටහන්වී තිඛෙනවා වෙන්න පුළුවන්. නොයෙකුත් සෞඛ්‍ය තත්වයන් පිළිබඳව පවසා සිටින එම සුදු ලප වල ස්වභාවයද ඊට අනුව වෙනස් වෙනවා. නමුත් නියපොතු වල මතුපිටට යටින් දිස්වෙන එම සුදු ලප වලින් පවසන්නට උත්සහ කරන්නේ ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොමැති බවයි. එම නිසා ඒවා පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්.
නියපොතු තුවාල වීම
ඩොට් සහ රේඛා විදියට නියපොතු මත දක්නට ලැඛෙන සුදුලප (ලියුකෝනිචියා) ලෙස හඳුන්වනවා. නියපොත්තේ පාදමට සිදුවුණු හිංසනයක් නිසා මෙවැනි සුදුලප ඇතිවෙන්නට පුළුවන්.
අසාත්මික ප්‍රතික්‍රියාව
නිය ඔපදමන දියර, නිය දැඩිකාරක සහ නිය පොලිෂ් ඉවත් කරන දියර වලට දක්වන අසාත්මික ප්‍රතික්‍රියාවක් නිසාද මෙවැනි සුදු ලප ඇතිවෙනවා.
සින්ක් ඌනතාවය
ශරීරයට අවශ්‍ය කරන සින්ක් ප්‍රමාණය නිසිපරිදි නොලැඛෙන්නේ නම්, ඇතිවෙන සින්ක් ඌනතා තත්වය නිසා නියපොතු මත සුදු ලප හෝ වයිරම් ඇතිවෙන්නට පුළුවන්.
ප්‍රෝටීන් ඌනතාවයවන්නට පුළුවන්.
ප්‍රෝටීන් ඌනතාවය නිසා නියමත ඇතිවෙන සුදුලප තිරස් රේඛාවන් සේ දර්ශනය වෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, නියපොතු පත්ලේ සිට උඩට විහිදී යන ලෙස තමයි ඒවා බොහෝ විට ඇතිවෙන්නේ. නියපොත්ත සමගම එම සුදු තිරස් රේඛාවන් වර්ධනය වෙන්නේ නැහැ. නියපොතු තට්ටුව මත පමණක්ම දර්ශනය වෙනවා.
කැල්සියම් ඌනතාවය
කැල්සියම් ඌනතාවය නිසාද සුදු ලප අතිවෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එම නිසාම කැල්සියම් වලින් පොහොසත් නිය ශක්තිකාරයන් වෙළඳ පොලේ විකි”මට තිඛෙනවා.
දිලීර ආසාදන
කකුලේ නියමත සුලභව ඇතිවෙන අසාදන තත්වයක් තමයි (වයිට් සුපර්ෆිෂල් ඔනිකෝමයිකෝසිස්) ලෙස හඳුන්වන්නේ. දිලීර නිසා ඇතිවෙන මෙම සුදු ලප නිය තලයේ සිට නිය පතුල දක්වා පැතිරෙනවා. පළමුව පතුරු වැනි ස්වාභායකින් මෙම ආසාදනය ඇතිවෙන අතර පසුව කකුලේ නියපොතු වඩාත් තුනී ස්වභාවයකට පත්වෙනවා. එම නිසා නියපොතු පැලීමක් සිදුවෙන අතර සපත්තු පැලදීමේදී සැලකිය යුතු වේදනාවක්ද ඇතිවෙනවා.
බරපතල රෝගී තත්වයන්
ඇතැම් බරපතල රෝගී තත්වයන් වල ලක්ෂණයක් ලෙස නිය මත සුදුලප ඇතිවෙනවා. එම නිසා නියපොතු වල පැහැයේ වෙනසක් දුටු විගස වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මතක තබාගන්න. එම ලක්ෂණ ඇතිවුන විගස වෛද්‍යවරයෙකු වෙත යොමු වෙනවානම් ඇතිවී තිඛෙන රෝගී තත්වයට වඩාත් හොඳින් ප්‍රතිකාර කරන්නට පුළුවන් බවද මතක තබා ගන්න.
1. හෙපටයිටිස් සහ සිරෝසියාව වැනි බරපතල අක්මා රෝගී තත්වයන් නිසා නියමත සුදුලප ඇතිවෙනවා.
2. වකුගඩු ආබාද නිසා නියපොතු වල පැහැය සුදු හෝ රෝස පැහැයට පත්වෙන්නට පුළුවන්. වකුගඩු අකර්මණ්‍ය වීම නිසා නියපොතු වල අඩක් සුදු පැහැයට හැරීමේ අවධානම් තත්වයක්ද පවතිනවා.
3. යකඩ ඌනතාවය නිසා ඇතිවෙන ලේ මදිකම කියන රෝගී තත්වය නිසා නියපොතු සුදුමැලි හෝ සුදු ස්වභාවයකට පත්වෙන්නට පුළුවන්.
ඔබේ නියපොතු වලත් මෙවැනි සුදු ලප දිස්වෙනවානම් ඒ පිලිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට උත්සුක වන්න. මේ පිළිබඳව නොදත් ඔබේ මිතුරන් දැනුවත් කිරීමට මෙම ලිපිය ෂෙයාර් කරන්නටද අමතක කරන්න එපා.

0 comments:
Post a Comment