Self Enjoyment Actually Has Health Benefits Wow

සුභ ආරංචියක් - ස්වයන්වින්දයේ යෙදීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම ලැඛෙනවා.


පිරිමින් අතරින් සියයට 94ක් තරම් වූ පිරිසක් තමන් ස්වයන්වින්දනයේ යෙදෙන බව පිලිගන්නවා. ඒවගේම කාන්තාවන් අතරින් සියයට 85ක් තරම් වූ පිරිසක්ද එය පිලිගන්නවා. නමුත් ස්වයන්වින්දනය පිළිබඳව සමාජයේ පවතින මතය එතරම් සුභවාදී එකක් නොවෙයි. ස්වයන්වින්දනයේ යෙදීම හේතුවෙන් සමාජයේ අප්‍රසාදයට පත්වෙනු ඇතැයි යන සැකය බොහෝ දෙනෙක්ට තිඛෙනවා.

ස්වයන්වින්දනය මුලික කරගත් මිත්‍යා මත රැසක්ම පවතින අතර එම මිත්‍යා මත හාස්‍ය ජනක ඒවා වුනත්, එම මතයන් වැඩි දෙනෙක් විශ්වාස කිරීම සැබවින්ම පුදුමයට කරුණකි.

ස්වයන්වින්දය හේතුවෙන් අන්දභාව, උන්මාදය, ලිංගික අප්‍රාණිකත්වය සහ නිසරු බව වැනි තත්වයන් ඇතිවෙන්නට පුලවන් බව සමාජයේ මතයක් පවතිනවා. එය සම්පූර්ණ අසත්‍යයක් බව මෙහිදී පැවසීමට අවශ්‍යයි.

සත්‍යය නම් , ස්වයන්වින්දයේ යෙදීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම හිමිවෙනවා.


කාන්තාවන් සඳහා නම්,

ගැබ්ගෙල ආසාදනයන් සහ මුත්‍රා මාර්ගයේ වූ ආසාදනයන් ඇතිවීම වැලැක්වීම සඳහා ස්වයන්වින්දය උපකාරී වෙනවා.

ස්වයන්වින්දනයේ යෙදීමේදී දියවැඩියාව ඇතිවීමේ අවධානම අවම වෙන අතර ආතතිය සහ හෝමෝන නිදහස් වීම නිසා  නිදාගන්නට බැරි කම කියන රෝගී තත්වයද අවම වෙනවා. යෝනි පත්ලේ ශක්තිය වැඩිවෙන බවද පැවසෙනවා.


පිරිමින් සඳහා,

ස්වයන් වින්දයේ යෙදීමේදී පිළිකා කාරක සෝදා හැරීමේ අවස්තාවක් පුරස්ථි ග්‍රන්තියට ලැඛෙනවා, එම නිසා පුරස්ථි ග්‍රන්ථි පිළිකාවන් ඇතිවීමේ අවදානම අවම වෙන බව විශේෂඥයින් පවසනවා.

ස්වයන්වින්දනයේ යෙදීමේදී කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහල නැංවෙන නිසා සුළු වශයෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීමක් සිදුවෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රුධිර සංසරණයට වැඩිවශයෙන් එන්ඩ්රොෆින් ශ්‍රාවය වීම නිසා මානසික අවපීඩනය අවම වීමක්ද සිදුවෙනවා.

අනාරක්ෂිත ලිංගික එකතුවීම් වලින් වැළකී ස්වයන්වින්දයේ යෙදෙනවානම් ලිංගිකව ව්‍යාප්ත වෙන ඇතැම් රෝගී තත්වයන් වලින් ඔබට බලපෑමැක් ඇතිවෙන්නේ නැහැ. එවැනි ඇතැම් රෝගී තත්වයන් නිසා නිසරු බව ඇතිවෙනවා, නමුත් ඔබ ස්වයන්වින්දනයේ යෙදෙනවානම් වක්‍රාකාරව නිසරු බව ඇතිවීම වැළකෙනවා.

අප ඔබ වෙත ගෙන එනු ලැබූ මෙම තොරතුරු විශ්වාසවන්ත මුලාශ්‍රයකින් උපුටා ගත් ඒවා බව පවසන්නට අවශ්‍යයි. එම අදාළ වෙබ් අඩවි වල ලිපිනයන් පහතින් ඔබට දැකගන්නට පුළුවන්. මේ පිළිබඳව යම් ගැටළුවක් ඔබට පවතිනාවානම් ඊට පිළිතුරු දීමටද අප සුදානම්ව සිටින බව පවසන්නට අවශ්‍යයි.

මෙම ලිපියෙන් ඔබ ලබාගත් දැනුම ඔබගේ මිතුරන්දට ලබා දෙන්න කරුණාකර ලිපිය  ෂෙයාර් කරන්න.
SHARE

Near Solutions

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment