Chemist are try to create Computer Accessories Using shampoo & DNA

රසායන විද්‍යාඥයින්ගේ මේ උත්සාහය ෂැම්පු වලින් සහ DNA වලින් පරිගණක නිර්මාණය කිරීමටයි !


සබන් වැනි දියර වල පවතින සුවිශේෂී ලක්ෂණ උපයෝගී කරගෙන පරිගණක උපාංග නිර්මාණය කල හැකි බවට පර්යේෂණ වලින් යම්කිසි ඉඟියක් ලැබී තිබේ. ඔව්. සබන් වලින්. කොහොම හරි මේ දේවල් මෙහෙම වෙද්දි නවතම සොයාගැනීමකට අනුව ෂැම්පු වල අඩංගු ethylenediaminetetraacetic acid / EDTA ( එතිලීන්-ඩයි-ඇම්මින්-ටෙට්ට්‍රා-ඇසිටික් අම්ලය) නැමැති රසායනික සංයෝගය තමයි මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ.
විද්‍යාඥයින් DNA අණු සමඟ කාලය ගත කරන අතරතුර අම්ල නිසා DNA ව්‍යුහය වෙනස් වන බව සොයාගෙන යම්කිසි කාලයක් වනවා. නමුත් මෑතකදී කල අධ්‍යනයකදී තහවුරු වුණේ ධන ආරෝපිත තඹ ( Cu ) අයන මගින් මේ විකෘති වූ ව්‍යුහය තවත් වරක් වෙනස් කිරීමකට ලක් කරමින් කොණ්ඩ කට්ටක හැඩයක් ලබා දෙන බවයි. දෙවෙනියට ඇති වූ මේ වෙනස EDTA නම් සංයෝගය මගින් ප්‍රතිවර්ත්‍ය කරන බවයි.
මේ ආකාරයෙන් DNA ව්‍යුහ දෙකක් අතර හුවමාරු වීමට ඇති හැකියාව පරිගණක වල දත්ත හුවමාරුව සඳහා භාවිතා වන 1 සහ 0 සේ යොදාගත හැකි බවට මතයක් ගොඩනැගී පවතිනවා. මේ නිසා දැනට භාවිතා වන සිලිකන් වෙනුවට DNA යොදාගත හැකි බවට අදහස් පලවනවා. ඒවගේම මේ විශේෂ ලක්ෂණය යොදාගෙන ජලයේ ඇති අහිතකර තඹ අයන පරීක්ෂාකිරීමට නැනෝ තාක්ෂනය ආධාරයෙන් මෙය යොදාගත හැකි බවටත් පවසනවා.
මේ නව සොයාගැනීමට කණ්ඩායම මෙහෙයවූ East Anglia විශ්ව විද්‍යාලයේ Zoë Waller පවසන්නේ මේ නව සොයාගැනීමත් සමඟ අපි පෙර නොසිතු ආකාරයට DNA අණු වෙනස් කල හැකි බවයි. මුලදී මෙය එක් වෙනස් වීමක් පමණක් පෙන්වන බව සිතුවත් මේ පර්යේෂණය සමඟ මෙය වෙනස් වීම් දෙකකට භාජනය වියහැකි බව පළමු වරට සොයාගැනීමට හැකි වූ බව ඇය පවසා සිටියා. ඒ වගේම DNA අණුවල මේ සුවිශේෂී හැසිරීම් රටාව තර්කන ද්වාර ( Logic Gates) සඳහා යොදාගෙන DNA සහ නැනෝ තාක්ෂණය ආශ්‍රිත පරිගණක තාක්ෂණයක් ගොඩනැගිය හැකි වේ යැයි ඇය පවසනවා.



SHARE

Near Solutions

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment