මෙන්න ගිනිකෙළි වලින් මැවුණු අපූරු අහස් ඉනිමඟ

මේ අපුරු ගිනිකෙළි සංදර්ශනය ගැන වාර්තා වෙන්නේ චීනයෙන්. මෙහි නිර්මාණශිල්පියා කායි ගුවෝකියැන්ග් (Cai Guoqiang) මහතායි. තත්පර 80ක් පුරා සිදුකෙරුණු මේ ප්‍රදර්ශනයේ දී ගිනිකෙළි වලින් අලංකාර ඉනිමඟක් නිර්මාණය වනු දැකගැනීමට ලැබුණා.

මේ දැකුම්කලු නිර්මාණාත්මක ගිනිකෙළි සංදර්ශනය අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නට වුණා. මෙය පසුගිය ජුනි මාසයේ දී චීනයේ ෆුජිඈන් පළාතේ ක්වාන්සෝ (Quanzhou) නගරයේදී පැවැත්වුණා. මේ ගිනිකෙළි ඉහල අහසට රැගෙන ගොස් තිබෙන්නේ බැලුන ආධාරයෙන්. මීටර 500ක් දිග කම්බියක ගිනිකෙළි සියල්ල ඉනිමගක ආකාරයට රඳවා තබා බැලුන පිටත් කර තිබේ.
මෙය නිර්මාණකරුගේ 3න් වන උත්සාහයයි. ඔහු මෙවැනි ගිනිකෙළි ඉනිමඟක් නිර්මාණය කිරීමට මුල්වරට උත්සාහ කළේ 1994 වසරේදී යි. නමුත් ඔහුගේ උත්සාහය එතරම් සාර්ථක නොවුනේ අධික සුළං තත්වය හේතුවෙන් බැලුන් ගුවන් ගත කිරීමට නොහැකි වූ නිසායි. ඔහුගේ දෙවෙනි උත්සාහය 2001 වසරේයි. නමුත් සැප්තැම්බර් 11 ප්‍රහාරය නිසා මෙවැනි ගුවන් ගතකිරීම් තහනම් කර තිබුණු අතර මෙය අත්හදා බැලීමට අවසර ලැබුනේ නෑ. කොහොම හරි තමන්ගේ සිහිනය අත්නොහැරී මොහු අවසානයේ මෙය ගුවන් ගත කර අත්හදා බැලුවා.
මේ සමහරෙක් විසින් ” දෙව්ලොවට යන මග” (stairway to heaven) ලෙස නම් කර තිබෙනවා. මෙය නිර්මානශිල්පියාගේ 100 වන උපන්දිනය සැමරූ මිත්තනිය වෙත පිදෙන තිළිණයක් ලෙස සැලකෙනවා.
පසුගිය බිජිං ඔලිම්පික් උළෙලේ අලංකාර ගිනිකෙළි ඔබට මතක ඇති. මේ සියල්ල බාරව කටයුතු කලෙත් Cai Guoqiang මහතායි.
0 comments:
Post a Comment