Why Is There A Hole In Airplane Windows?

ගුවන් යානයේ කවුළු වල කුඩා හිලක් ඇති බව ඔබ දන්නවද?

ඔබ ගුවන් යානයක ගමන් ගත් කෙනෙක් නම්, ගුවන් යානයේ කවුළුවේ පහලම කුඩා හිලක් තිඛෙනවා දැක ඇති. ගුවන් යානයේ කවුළු වල එවැනි කුඩා හිලක් නිර්මාණය කර තිඛෙන්නේ ඇයි? මෙම ප්‍රශ්නය ඔබේ සිතටද නැගෙන්නට ඇති. එය මගී ගුවන් යානා වල දැකගත හැකි පොදු විශේෂාංගයක් වන අතර තාක්ෂණික ප්‍රයෝජකයක්ද වෙනවා. ජී.කේ.එන් ඒරෝස්පේස් ආයතනය එහි ඇති වැදගත් කම විස්තර කළා. එය යානයේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂක විශේෂාංගයක් බවයි ඔවුන් පවසන්නේ. ඉන් ඇත්තටම සිදු වන්නේ ගුවන් යානයේ ඇතුලත ඇති පීඩනය විධිමත් කිරීමයි.

එම ශ්වාසක කුහරය වායුව පිටකරන කපාටයක් (වෑල්ව්) ලෙස ක්‍රියාත්මක වෙනවා. 1997 වර්ෂයේදී ඩේම්ලර්ක්‍රිස්ලර් එරෝස්පෙස් එයාර්බස් විසින් ගොනු කරපු පේටන්ට් බලපත්‍රයට අනුව, මෙම වායු ප්‍රණාලය විසින් සිදු කරන්නේ ගුවන් යානයේ ඇතුලත බාහිර වායුගෝලීය පීඩනය විධිමත් කිරීමයි. ගුවන් යානයේ එන්ජිම් වලින් වායුව තෙරපන නිසා ඇතුලත අධික වායු පීඩනයක් ඇතිවෙනවා. එම කුඩා කුහරය කපාටයක් සේ ක්‍රියාත්මක වෙමින් ගුවන් යානයේ ඇතුලත ඇති එම අධික වායු පීඩනය පිටතට ගලා යවනවා.


නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ගුවන් යානය නිශ්චලව පවතින විට මෙම කපාට විවුර්තව පවතින අතර ගුවන් යානය ගමන් ආරම්භ කලවිට මෙම කපාට වැසීම ආරම්භ වෙනවා. මුහුදු මට්ටමේදී පීඩනය (14.7 පී.එස්.අයි). නමුත් සාමාන්‍ය ගුවන් යානයක් මීටර් 9150 සහ 12,200 උන්නතාංශයකින් ගමන් කරනවා. එම උන්නතාංශයෙදී පීඩනය (4.3 පී.එස්.අයි) දක්වා පහල වැටීම නිසා ඔක්සිජන් මට්ටමද ඉතාමත්ම අඩුවෙනවා.  එම නිසා ඉහල උන්නතාංශයකදී මගීන්ගේ පහසුව සහ ආරක්ෂාව පිණිස ගුවන් යානයේ ඇතුලත යම් පීඩනයක් ඇතිකළ යුතුයි.

ගුවන් යානයේ කවුළු වල පහතට වෙන්න පිහිටා ඇති මෙම කුඩා හිල ඇසට නොපෙනුනත් මගීන්ගේ ආරක්ෂාව සඳහා කොපමණ කාර්යභාරයක් ඉටු කරනවාද යන්න දැන් ඔබට අවබෝධ වෙන්නට ඇති.
SHARE

Near Solutions

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment