ලෙමන් වලින් ලස්සන වන්නේ මෙහෙමයි.
ආහාර රසගැන්වීමට භාවිතා කරන ලෙමන්, නිවෙස් ප්‍රතිකාරයක් සහ රූපලාවන්‍ය නිෂ්පාදනයක් ලෙසත් භාවිතා කරන්නට පුළුවන්. ලෙමන් වල ඇති ගුණාංගයන් හේතුවෙන් සම සහ හිසකෙස් ආලෝකමත් වෙනවා. එහි ඇති විෂබීජ නාශක ගුණයද අමතකකල නොහැකියි.
ලෙමන් භාවිතා කරමින් රුව අලංකරණය කරගත හැකි ක්‍රම 5ක් පහතින් ඔබට දැනගන්නට පුළුවන්.
1. වියලී ඇති දෙතොල් සජල කරගැනීමට
නොයෙකුත් සාධක සහ නිෂ්පාදන වල බලපෑමෙන් වියලි ස්වභාවයකට පත්වී ඇති දෙතොල් නැවත තෙත් ස්වභාවයකට පත්කරගැනීමට අවශ්‍ය නම්, නින්දට යෑමට පෙර ලෙමන් යුෂ දෙතොල් වල තවරාගන්න.
2. කිහිලි ප්‍රදේශයේ ඇති සම සඳහා
දුගඳ ඇතිකරන බැක්ටීරියාවන් විනාශ කිරීමට සමත් රසද්‍රව්‍ය ලෙමන් වල අන්තර්ගතව තිඛෙනවා. එම නිසා ලෙමන් ප්‍රභල දුර්ගන්ධ නාශකයක් ලෙසද ක්‍රියාත්මක වෙනවා. ඒවගේම කළු පැල්ලම් ඉවත් කිරීමට ඇති හැකියාවද මෙහිදී අමතක කරන්න බැහැ. ලෙමන් යුෂ සහ මීපැණි එකට කවලම් කොට අත්යට තවරා පැයක් පමණ තිඛෙන්නට ඉඩ හරින්න.
3. බ්ලැක්හෙඩ් ඉවත් කිරීමට
ලෙමන් සමේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් සම පිරිසිඳු කරන නිසා, බ්ලැක්හෙඩ් වඩාත් පහසුවෙන්ම ඉවත් කරගන්නට පුළුවන්. ලෙමන් යුෂ වලින් සම සම්භාහනය කරමින් එම යුෂ මිනිත්තු 10ක් පමණ තිඛෙන්නට ඉඩ හරින්න.
මෙම ප්‍රතිකාරය සිදුකරන අතරතුරදී සුර්ය එලියට නිරාවරණය නොවෙන ලෙස නොදුටු ලෝකය අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. මොකද, ලෙමන් යුෂ සම මත තවරාගෙන සුර්ය එලියට නිරාවරණය වීමේදී සම මත පීඩාකාරී තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.
4. හිසකෙස් ආලෝකමත් කරගැනීමට
ලෙමන් භාවිතා කරමින් සිදුකරනු ලබන ජනප්‍රියතම රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ලෙමන් හිසකෙස් වලට ඉතාමත්ම හිතකර බව විශේෂඥයින් විශ්වාස කරනවා. හිසකෙස් වල ලෙමන් යුෂ ස්වල්පයක් ගල්වා ගෙන සුළු මොහොතක් හිරු එලියට නිරාවරණය වී සිටින්න. එහිදී ඔබගේ හිසකෙස් ආලෝකමත් සහ දීප්තිමත් ස්වභාවයකට පත්වෙනවා. වඩාත් හොඳ ප්‍රතිපල ලබාගැනීමට සතියකට එක් වතාවක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න.
5. නියපොතු සුදු සහ ශක්තිමත් කරගැනීමට
ලෙමන් යුෂ වල බලපෑමෙන් නිය ශක්තිමත් වෙන අතර නියපිට ඇති පැල්ලම්ද ඉවත් වෙනවා. ලෙමන් යුෂ වලට ඔලිව් තෙල් තෙහැඳි 2ක් එකතුකොට එම යුෂ නියපොතු වල තවරාගන්න.


0 comments:
Post a Comment