සුරතලයට ඇති කරන බළලා නිසා කාන්තාවකට පෙනීම අහිමිවෙයි.
සුරතලයට ඇති කරන බළලා මුහුණ අසලට ලංකරගැනීම නිසා කාන්තාවකට පෙනීම අහිමිවී තිඛෙනවා. මේ සියල්ල සිදුවීමට ගතවී තිබුනේ එක් රැයක් පමණයි. උදෑසන අවදිවී බලන විට එක් ඇසක පෙනීම සම්පූර්ණයන්ම නැතිවී තිබුන බව ඇය පවසනවා.
(කැඩපත දෙස බලන විට මා සිතුවේ එය සාමාන්‍ය ඇස් රතුවීමක් වෙන්නට ඇති බවයි.)
හදිසියේම ඇසේ පෙනුම නැතිවීමට බලපාපු හේතුව කුමක්ද කියා මාස ගණනක් තිස්සේ ඇය වෛද්‍යවරුන්ගෙන් විමසුවා. නමුත් ඒ සඳහා බලපාපු හේතුව කුමක්ද යන්න වෛද්‍යවරුන්වත් දැනසිටියේ නැහැ. බළලා සමග පැවති මෙම සම්බන්ධතාවය ඇය වෛද්‍යවරුන්ට පැවසීමත් සමග, මාස ගණනාවක් පුරාවටම අභිරහසක්ව පැවති හේතුව හෙළිවුණා.
සුරතලයට ඇතිකරන බළලා සම සුරපු නිසා මෙම අවාසනාවන්ත තත්වය ඇතිවුණු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. බල්ලාගේ ඛේටය සහ මවිල් මගින් ශරීරය තුලට විෂබීජ ඇතුල්වීම නිසා තමයි මෙවැනි භයානක රෝගී තත්වයන් ඇතිවන්නේ.
සුරතල් සතුන් සමග කල්ගෙවන පුද්ගලයින් මේ පිළිබඳව දැනුවත් කිරීමට ඇය ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. ඇය පවසන පරිදි, මෙම රෝගී තත්වය නිසා අනෙක් ඇසට හානිවී නොතිබීම පිළිබඳව ඇය සතුටු වෙනවා. එක් ඇසකින් සියලුම කටයුතු සිදුකරගැනීමට දැන් ඇයට සිදුවීතිබීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.
වෛද්‍ය ක්‍රිස් බ්‍රික්මන් මහතා පවසන අන්දමට, බළලාගේ මුඛයට නිරාවරණය වෙන සෑම දෙයක් හරහාම මෙම විෂබීජ පැතිරී යනවා.
බළලා මුහුණ ලෙවකෑම නිසා ඇතිවුණු කුඩා සීරීමක් නිසා තමයි මෙම කාන්තාවගේ ශරීරයට විෂබීජ ඇතුළුවී තිඛෙන්නේ.
ඇස්වලට සහ අක්මාවට වැඩි බලපෑමක් ඇතිකිරීමට සමත් එම විෂබීජ හේතුවෙන් කශේරුකා දියර වලට බලපෑමක් ඇතිවුනහොත් ආවුර්තිදාහය කියන රෝගී තත්වය පවා ඇතිවෙන්නට පුළුවන්. යමෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල නම් මෙම විෂබීජ වලින් වැඩි බලපෑමක් ඇතිවෙන්නට පුළුවන් බවද එම මහතා පවසනවා.
බළලුන් අතරින් සියයට 40ක් තරම් වූ පිරිසක් සතුව පමණයි මෙම විෂබීජ පවතින්නේ. කෙසේවෙතත්, සුරතල් සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව සෑම විටමක අත් සේදීම ඉතාමත්ම වැදගත් බව හොඳින් මතක තබා ගන්න.
ඔබගේ ශරීරයේ ඇති විවර්ත තුවාලයන් ලෙවකන්නට කිසිවිටෙක සුරතල් සතුන්ට ඉඩ තබන්න එපා. ඒවගේම එම සත්වයින්ට ඔබව සපන්නටද ඉඩ තබන්න එපා.

0 comments:
Post a Comment