කිරි කෝප්පයකට මීපැණි ස්වල්පයක් මිශ්‍රකොට දිනපතා පානය කරන්න.
නින්දට යාමට පෙර කුඩා දරුවන්ට කිරි කෝප්පයක් පානය කිරීමට ලබා දීම පෙර සිටම පැවත එන පුරුද්දක්. අප එය අඩුවෙන් තක්සේරු කරන්නේ නැහැ, නමුත් ඊට මීපැණි තේ හැන්දක්ද එකතු කරනවානම් වඩාත් හොඳයි.
ඔබ මෙය පුරුද්දක් විදියට සිදුකරනවානම් මෙම පහත තිඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.
දරාගැනීම ශක්තිය
කිරි වීදුරුවකට මීපැණි මේස හැඳි දෙකක් එකතු කොට පානය කරනවානම් දවස පුරාවටම අවශ්‍ය කරන ශක්තිය ඉන් ඔබට ලැඛෙනවා.
සුව නින්දක්
ඔරෙක්සින් කියන ස්නායු සම්ප්‍රේෂකය තමයි ඔබේ ශරීරය අවධිව තබන්නේ. නිදා ගැනීමට පෙර ඔබ මීපැණි ස්වල්පයක් එකතු කරන ලද කිරි කෝප්පයක් පානය කරනවානම්, එහි බලපෑමෙන් ඔබේ මොලයේ ඇති එම ස්නායු සම්ප්‍රේෂකය තාවකාලිකව වැසෙනවා.
ශ්වසන ආබාද
කිරි සහ මීපැණි වල ඇති ගුණාංගයන් එකට එකතු වූ විට සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ඉතාමත්ම ගුණදායකයි. වෙළඳ පොලෙන් මිලදී ගන්නා ඖෂධ තරමටම එය ගුණදායක බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා.
වයසට යාම පමා කරනවා
පැරණි ශිෂ්ටාචාර වල වාසය කල මිනිසුන් කිරි සහ මීපැණි මිශ්‍රණයට ඉහල තැනක් ලබා දී තිබුනා. එය පානය කිරීමෙන් තරුණ භාවය ආරක්ෂා වෙන බව ඔවුන් විශ්වාස කළා. සමට පමණක්ම නොවෙයි, මීපැණි සහ කිරි සම්පූර්ණ ශරීරයටම යහපත් බලපෑමක් ඇතිකිරීමට සමත් බව අධ්‍යයනයන් ගණනාවකින්ම පෙන්වා දී තිඛෙනවා.
ප්‍රතිබැක්ටීරියා කාරක ගුණාංගය
කිරි සහ මීපැණි මිශ්‍රණයේ ප්‍රභල ප්‍රතිබැක්ටීරියා කාරක ගුණාංගයක් ඇති බව විශේෂඥයින් පවසනවා. එම නිසා රෝගී තත්වයන් ඇතිකරන ප්‍රභල බැක්ටීරියා විශේෂයන් සමග පවා සටන් කිරීමේ හැකියාවක් එම මිශ්‍රණයට තිඛෙනවා.
ජීරණය
අවිදිමත් මල පැහැරීම, බඩේ වාතය පිරවීම සහ අනෙකුත් බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයන් විසඳීමේ හැකියාවක්ද කිරි සහ මීපැණි මිශ්‍රණයට තිඛෙනවා.
කිරි සහ මීපැණි මිශ්‍රණය සකසා ගැනීමේදී ඒ සඳහා සීනි භාවිතා කරන්න එපා. මීපැණි ඒ සඳහා හොඳ විකල්පයක් බව සලකන්න. කිරි අධික උණුසුම් බවකින් යුතු නම් ඊට මීපැණි එකතු කරන්න එපා, බීමට සුදුසු මද උණුසුමක් ඇතිවිට මීපැණි එකතු කොට ඒ විගසම මිශ්‍රණය පානය කරන්න.
මෙම අගනා දැනුම ඔබගේ මිතුරන්ටද ලබා දෙන්න කරුණාකර ලිපිය ෂෙයාර් කරන්නට නම් අමතක කරන්න එපා.

0 comments:
Post a Comment