ගුවන් යානයකට අකුණක් වැදුනොත් කුමක් වේවිද ?
වලාකුළු අතරින් පියාසර කරන ගුවන් යානයකට අකුණු සැර වැදීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එවැනි අනතුරු නිතර සිදුවෙන බව ඔබ අසා තිඛෙනවාද? ක්වාට්ස් ආයතනය විසින් ගණන් බලා තිඛෙන අන්දමට, ගුවන් යානයකට අකුණු සැර වදින්නේ අවුරුද්දකට එක් වතාවක් පමණයි.
පොළවේ සිටින කෙනෙකුට අකුණු සැර වැදීමේ අවධානම ඉතාමත්ම අඩුයි. නමුත් අඩි සිය ගණනක් වූ ඉහල අහසේ වලාකුළු අතර පියාසර කරන යෝධ යකඩ ගොඩකට අකුණු සැර වැදීමට 560 ගුණයක වැඩි අවධානමක් තිඛෙනවා. එතරම් වැඩි අවධානමක් පවතිනවානම් අහසේ පියාසර කරන ගුවන් යානා වැඩි වශයෙන් අනතුරට පත්විය යුතුයි. නමුත් එවැනි අනතුරු සිදුවීමට කිසිඳු අවදානමක් ඇත්තේ නැහැ. මොකද, ගුවන් යානයකට අකුණු සැර වැදුනාට ඉන් යානයට කිසිවක් සිදුවන්නේ නැහැ.
ගුවන් යානයක පිටතට නිරාවරණය වී තිඛෙන කොටස් නිර්මාණය කර තිඛෙන්නේ ඇම්පියර් 30,000ක විදුලි සැරකට වුනත් ඔරොත්තු දෙන ලෙසටයි. ගුවන් යානකකට අකුණු සැර වදින විට, ගුවන් යානයේ මතුපිටට යටින් පවතින කොටස් වලට කිසිඳු හානියක් සිදුනොවී පිටත කවරය මතින් විදුලිය ගලා යනවා. එම නිසා අකුණු සැරක් වැදුනත් කිසිවක් සිදුවන්නේ නැහැ. නමුත් ඔබට සිතෙන්නට පුළුවන් ඇතුලට විදුලිය කාන්දුවී මහත් විනාශයක් සිදුවීමේ යම් අවධානමක් ඇති බව. නමුත් ඇත්තටම එවැන්නක් සිදුවන්නේ නැහැ. මොකද, ගුවන් යානවල ඇති මෙම
අකුණු වලාකුළු පෙනී පෙනී ගුවන් යානයක් ඒ අතරින් පියාසර කල යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. අකුණු සැර වලින් ආරක්ෂාවීමේ සුපිරි හැකියාවක් ගුවන් යානා වලට තිබුනත්, සැඩ සුළං, වායු පීඩන වෙනස්වීම් සහ සැඩ පහරවල් නිසා ගුවන් යානයකට මහත් වූ විනාශයක් සිදුවීමේ හැකියාවක් තිඛෙනවා.

0 comments:
Post a Comment