ජීවිත රැසක් බේරීමට සමත් පියයුරු පිළිකා රෝගියාගේ චායාරූපය.
කාන්තාවක් තම පියයුරු වල චායාරූපයක් අන්තර්ජාලයට එකතුකර ඇති බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. ඇය පවසන්නේ සෑම දෙනෙක්ම තම ශරීරය පිළිබඳව හොඳ අවධානයක් යොමු කල යුතු බවයි. ශරීරය විසින් පැවසීමට උත්සහ කරන දේවල් කිසිලෙසකින් වත් මගනොහරින ලෙසද ඇය සැමගෙන් ඉල්ලා සිටිනවා
ඊයේ දිනයේදී මෙම කාන්තාවයට (ලීසා රොයිලි) පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවුනා. නමුත් ඊට පෙර එම කාන්තාව විසින් මෙම චායාරූපය අන්තර්ජාලයට එකතුකර තිඛෙනවා.
ඇය මෙසේ සඳහන් කර තිඛෙනවා,
ෆෙස්බුක් එකට මගේ පියයුරු වල චායාරූපයක් එකතු කරන්නට මම කිසිලෙසකින් වත් බලාපොරොත්තු වුනේ නැහැ, නමුත් ලබන සතියේදී එය කපා ඉවත් කරන නිසා එහි චායාරූපයක් පලකිරීමට මම තීරණය කළා.
මගේ පියයුරු වල මම දුටු එකම වෙනස නම් සුළු වලගැසීමක් පමණයි. කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට නම් එය පහසුවෙන්ම මගහැරෙන්නට පුළුවන්.
කරුණාකර ඔබේ පියයුරු දෙස බැලීමට කාලයක් වෙන් කරගන්න, ඉන් ඔබගේ ජීවිතය වුනත් බේරෙන්නට පුළුවන්.
ඇයගේ චායාරූපයක් ෆෙස්බුක් හී පළකරමින් ඇයගේ ස්වාමියා මෙසේ පවසා සිටියා,
ශල්‍යකර්මය මේ වන විටා නිමාවී තිඛෙන අතර ඇය සුවෙන් පසුවෙනවා. අද සවස ඇයට ගෙදර යන්නට පුළුවන් වේවි. ඔබලාගෙන් අපට ලැබුණු සහයෝගය ඉතාමාත්ම අගයකොට සලකනවා.
මෙම සිදුවීම නිසා බොහෝ දෙනෙක් තම ශරීරයෙන් දිස්වෙන සුළු වෙනස්කම් පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරාවි කියා අප විශ්වාස කරනවා.
නොදුටු ලෝකයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය කාන්තාවනට නම් ඉතාමත් වැදගත් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. ශරීරයේ ඇතිවෙන මෙවැනි සුළු වෙනස්කම් කෙරෙහි වඩාත් අවධානයකින් පසුවෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.
මෙම පණිවිඩය ඔබගේ මිතුරන් අතරට ගෙනියන්න කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න.


0 comments:
Post a Comment